Hand and finger Strengthening - අත් සහ ඇගිලි සවිමත් කිරීම

ජනවාරි මාසයේ මුලින්ම preschool යන බබාල යන්නෙ පුන්චි පන්තියට නේ.පුන්චි පන්තියේ මොකද වෙන්නේ?

අද මම කියල දෙන්න යන්නේ පුන්චි පන්තියේ මුල්ම පාඩමක් ගැන.

ඒ තමයි ලගදීම එන පැන්සල පින්සල කතුර මෙහෙයවීමේ ක්‍රියාකාරකම් සදහා පුන්චි දෑත් සූදානම් කිරීම. මේ ක්‍රියාකාරකම් වලදී අපි පොඩ්ඩන්ට කියල දෙනවා එයාලගෙ පුන්චි ඇගිලි සහ දෑත් පාලනයකින් යුතුව හැසිරවීමට

පුන්චි දරුවන් පොඩි අත්වලින් යමක් පිලිවෙලට කරන්න මුල් කාලයේ දරන වෙහෙස ඔයාල දැකල ඇති. ඒ අත් නිවැරදිව හසුරවන්න උදව්වෙන්න පොඩි ශබ්ද නැගෙන සෙල්ලම්බඩු මේ වෙද්දි ගෙනත් දීලනේ තියෙන්නේ.බබාට මාස කීපයක් වෙද්දි මේ සෙල්ලම්බඩු ඊලගට පොල් මිරිකන්න, clay වලින් සෙල්ලම් වගේ දේවල් අම්මල අත්තම්මලා කරල ඇති.

පෙරපාසලේදී අපි මේ සදහා සැලසුම් කල ක්‍රියාකාරකම් සිදුකරනවා. අද මම කියල දෙන්න යන්නේ ඒ වගේ සැලසුම් කල ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් කීපයක්.මේ ක්‍රියාකාරකම් අම්මලට බබාල එක්ක ගෙදරදීත් කරන්න පුලුවන්.

මුල්ම ක්‍රියාකාරකම නම් හොදට දැකල පුරුදු ඇති.

හරියටම අපි පොඩි කාලෙ හදපු බූරු ඇද වගේ. මෙතනදී අපි එයාලට කියල දෙනවා පාලනයකින් යුතුව මේ ඇදීම කරන්න.තදින් ඇද්දොත් මේ rubber bands කැඩිල යන නිසා එයාල මේක අදින්න ඕනෙ එක ප්‍රමාණයකටයි.ඒ වගේමයි ගොඩක් ලන් කලොත් මේ rubber bands ගැලවෙනවා.අම්මගේ සම්පූර්ණ අවදානය සහිතව මිසක් තනියම නම් කරන්න දෙන්න එපා කියල නම් කියන්නම ඕනෙ.

මොකද පුන්චෙක්ට මේ band එකක් රසද බලන්න හයියෙන් ඇදල බලන්න හිතෙන්න ඉඩ තියෙනවා

දෙවනි ක්‍රියාකාරකම එක පැත්තකින් ගණිතමය සන්කල්පයකුත් වෙනවා. අපි පාටකරපු cotton buds අදාල පාට clay ගුලි වලට ගහන්නයි යන්නේ.මෙතනදී.බබා කරන්නෙ sorting activity එකක් වුනාට බබා නියමිත පීඩනය පමනක් නොයෙදුවොත් clay ගුලිය හිල් වෙලා යනවා. ඒ වගේම එයාට දුර ප්‍රමාණය තීරනය කරන්නත් සිදුවෙනවා.

තුන්වෙනි ක්‍රියාකාරකම transferring activity එකක්. බබාට එයාගෙ ඇගිලි වලින් බර දරන්න බර සමතුලිතව පවත්වාගන්න වගේම ඇගිලි නියමිත පරිදි මෙහෙයවන්නත් වෙනවා. බබා කටේ දාන්නෙ නැට්ගිවෙන්න ලග ඉදලම හරි අවදානයෙන් මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න නම් වෙනවමයි.ගුරුතුමියන්ලා කරන්නෙත් එහෙමයි.

ඊලග එක twicer එකක් මගින් ඇට ඉවතට ගැනීමේ ක්‍රියාකාරකමක්.මේකට කොමඩු කෑල්ලක් වුනත් ගස්ලබු කෑල්ලක් වුනත් යොදාගන්න පුලුවන්.ඔයලට හොයාගන්න පහසු දෙයක් භාවිතා කරන්න අමතක කරන්න එපා.

Bolt ඇණ වලට nuts සවි කිරීමත් ඒ වගේම සියුම් මාoශ පේශී.ක්‍රියාකරවීම සදහාම විශේශයෙන්ම සැලසුම් කල ක්‍රියාකාරකමක් මෙතනදී අපි විවිද උස ප්‍රමාන සහ විවිද පලල හදුන්වා දීම මගින් එයාලගේ problem solving skills, mathematical concepts වැඩිදියුණු කිරීමත් බලාපොරොත්තු වෙනවා.සැලසුම් සහගත ක්‍රියාකාරකමක් කියන්නේ හැම වෙලාව්ව්ම එක හැකියාවකට වඩා සන්වර්දනය කිරීමට අපි යොදගන්නා උපක්‍රමයක් අනිත් ක්‍රියාකාරකම් නම් ඔයාලට පින්තූර මගින් පැහැදිලි වෙන නිසා තේරුම්ගන්න පහසුයි. අවසාන ක්‍රියාකාරකම සදහා dropper එකක් භාවිතා කරනවා. අවශ්‍ය පීඩනය පමනක් යොදාගෙන fill කරගන්න නියමිත පීඩනය යටතේ මෙහෙයවන්නත් මේ ක්‍රියාකාරකමේදී බබා කල්පනාකාරීවෙන්න ඕනෙ.

Article Written By Nuwangi Jayasundara
Turttys Educational Services මගින් අපි ඔබේ පවුලට අවශ්‍ය බාලාංශ හා පෙර පාසල් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු. අපගේ සුදුසුකම් ලත් ගුරුවරුන් ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ අවශ්‍යතා පෝෂණය කරන පරිදි සකස් කළ මුල් ඉගෙනුම් වැඩසටහන් සපයනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

#170, විහාර මාවත, මුල්ගම්පොළ, මහනුවර