ඇත්තටම ඔයාලගෙ දරුවට උගන්වන්න online preschool ඕනෙද?

ඇත්තටම ඔයාලගෙ දරුවට උගන්වන්න online preschool ඕනෙද? එහෙම ඕනෙ නෑ, පෙරපාසලක් කරන්න තරමට නොවුනට සමස්ථ සංවර්ධනය දරුවාට ලබාදෙන්න අපි ඊලග දවසේ ඉදන් අත්‍යාවශ්‍ය දැණුම අම්මට දෙන්නම්. සමස්ථ සංවර්ධනය කියන්නෙ මොකක්ද ? ඒ සදහා ගෙදර ඉදන් මොනවද කරන්න පුළුවන්, මේ සම්පුර්ණ පාඩම් මාලාව අවසානය වෙනකන් ඉන්න ඕනෙ නැහැ, එදාට එදාට කොහොමද home schooling lesson notes හදාගන්නෙ කියලත් අපි නොමිලේ කියල දෙන්නම්.

ඔබ පෙරපාසල් ගුරුතුමියක් නම් මේ පාඩම් මාලාව අවසානයේ ඔබට paper එකකට ඉදලා අපෙන් e-certificate එකක් ලබාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ කැමතිනම් විතරයි.home schooling කරන්න අදහස් කරන දෙමාපියන් මුල ඉදන් මේක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. හැම සතියෙම සිකුරාදා සහ අගහරුවාදා අපි video lesson එකක් ඔබට දෙන්නම්.කරුණාකරලා දැණුම නැති ගුරුවරු කියාගන්නා අය පසු පස නොයා ඔබේ දරුවාට ඔබම උගන්වන්න. 

දරුවන් screen එක ඉස්සරහා පැයගනන් ඉන්දවලා තියන්න එපා

මේ කොරෝනා කාලයේ මුල් ළමාවියේ ගුරුවරු වෙතින් කරන සමාජ සත්කාරයක් විදිහට සලකන්න

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy