දරුවන් පෙරපාසල් යැවිය යුතු නිවැරදිම වයස කුමක්ද ?

මේ ප්‍රශ්නය මට යොමුවුන හැම වෙලාවකම මම නැවත ප්‍රශ්නය යොමුකල කෙනාගෙන් අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

1. ඔබේ පවුලේ සාමාජිකයන් කීදෙනෙකු ඉන්නවද?

2. ඔබට බාහිරින් ලැබෙන උදව් ප්‍රමාණවත්ද?

විශාල ගෙවත්තක් හෝ උදව්වට අත්තම්මා සහ සීයා සිටින ගෙදරක දරුවන් පෙර පාසල යැවීමට උත්සුක විය යුතු නැති බව තමයි ඔබ වගේම මමත් හිතන්නේ. නමුත් ගෙදර ඉන්නේ අම්මා තාත්තා සහ දරුවා පමණක් නම් දරුවා වයස 21/2වනවිට පෙර පාසලට භාර දෙන්නට කියා මම කියනවා.

ඇයි මම මෙහෙම කියන්නේ, න්‍යෂ්ටික පවුලක සෑමවිටම සිදුවන්නේ අවුරුදු 2 ට වඩා වැඩි දරුවා tab එකක් හෝ රූපවාහිනිය ඉදිරියේ වාඩි කරවා අම්මා කුස්සිය ආහාර පිසීම හෝ අනෙක් දරුවන් නැලවීමයි. දරුවාගේ ස්වභාවික හැසිරීම් නිසා අනෙක් වැඩ වලින් හෙම්බත්ව සිටින අම්මා දරුවා සමග ගැටෙනවා මෙය පොදුවේ මට කතා කරන සෑම පවුලකම මම දකින දෙයක්.

මගේ බබාට නම් alphabet එකේ අකුරු ඔක්කොම පුළුවන්, මම කියල දීල නෙමෙයි, වීඩියෝස් බලලා, අම්මලා මෙහෙම කියන්නේ හරිම ආඩම්බරෙන්. නමුත් ඔබ දන්නවා ඇති screen time දරුවන්ට කොතරම් හානිකර ද යන්න ගැන අපි නිතරම කතා කරනවා.

• දුවපැන ගවේෂණයේ යෙදිය යුතු දරුවා දවසින් වැඩි කාලයක් රූපවාහිනිය හෝ මොබයිල් ගේම් එකක් සමග ගත කිරීමට වඩා තවත් දරුවන් සමග දරුවන් සඳහා සැකසූ පරිසරයක දරුවන් සඳහා සැකසූ ක්‍රියාකාරකම්වල යෙදීම සුදුසු යැයි මම සිතනවා.

නමුත් ඔබේ ගෙදර කතන්දර කියන අත්තම්මා කෙනෙක්, සෙල්ලම් ගෙයක් දමන්නට ගඳපාන ගෙඩි, කටරොළු කරල් තිබෙනවානම්, නගින්නට ගස්, කෝම්පිට්ටු හදන්නට මිදුලක්, මිරිස්කුඩු වෙනුවට ගඩොල් කුඩු කුඩු කරන්නට, ගල් බැම්මක් දිගේ සමබරව ගමන් කරන්නට නිදහස් තියනවා නම් ඔබ ඔබේ දරුවාව වයස අවුරුදු හතර වන තෙක් නිවසේ තබා ගැනීම නුසුදුසු යැයි මම කියන්නේ නැහැ.

දරුවකු පෙර පාසැල් යැවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද යැයි මම ඇසුවහොත් එයට ඔබේ පිළිතුර කෙබඳුද?

අද උදෑසන මා දුටු පෝස්ට් එකකට අනුව දරුවා පෙර පාසල් යවන්නේ සමාජානුයෝජනය සඳහා සහ හසුරු කුසලතා පුහුණු කිරීම සඳහා පමණක් බව දෙමාපියන්ගේ අදහස වී තිබුණා. තවත් සමහර දෙමාපියන් අඩුවෙන් කතා කරන දරුවාගේ භාෂා සංවර්ධනය සඳහා දරුවා පෙර පාසල් වෙත යොමු කළ යුතු බවට යෝජනා කර තිබුණා.

වෘත්තීයමය ළදරු අධ්‍යාපනය ලබා දෙන්නෙකු ලෙස පෙර පාසලේදී දරුවාගේ සංවර්ධනය කෙසේ සිදුවන්නේ ද යන්න ගැන අවබෝධයක් ඔබට ලබා දිය යුතුයැයි මා සිතුවා.

යම්කිසි දරුවකු පෙර පාසල වෙත අප යොමු කරන්නේ එක්තරා සුවිශේෂ අරමුණක් සඳහා නොව දරුවාගේ සමස්ත සංවර්ධනය සඳහායි. සමස්ත සංවර්ධනය යන්න අංශ හතකට බෙදෙන නමුත් පෙරපාසලක සංවර්ධනය කරන කුසලතා කොටස් දහසයකට බෙදෙනවා. මම පහල දක්වා තිබෙන්නේ එම කුසලතාවයන්.

මේ සියලු කුසලතාවයන් එක් එක් අනු කොටස්වලට බෙදෙන අතර පෙරපාසල් ගුරුතුමිය විසින් මෙම සියළු අනු කොටස් ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් නිර්මාණය කරනවා. අතීතයේ දී මෙම කුසලතා සඳහා අප අවට පරිසරයෙන් අපට පහසුකම් ලැබුණද වර්තමානයේ දී කුඩා දරුවන්ට පරිසරයක් නොමැති තරම්.

න්‍යෂ්ටික පවුලක තිරය ඉදිරිපිට දවස පුරා ගත කරන දරුවා පෙර පාසල් යා යුතු බව මම සදහන් කරන්නෙ ඒ නිසයි. පහත කුසලතා ලැයිස්තුව දෙස බලන්න;

1.Self help skills

2. Self awareness

3.Emotional Intelligence

4. Early Literacy

5. language development

6. Logical Thinking

7. Early Numeracy

8. Spatial Awareness

9. Gross motor Skills

10. Fine motor skills

11. Aesthetic Skills

12.Character Building

13. Cognitive Skills

14. Sensory Perception

15. Imaginations/ creativity

16. Social Skills

මේ සෑම කුසලතාවයක්ම අනු කොටස් වලට බෙදෙන අතර ඔබගේ පහසුව සඳහා මම ඔබට උදාහරණ කිහිපයක් පෙන්නන්නම්.

උදාහරණයක් විදිහට

Gross motor Skills එහෙමත් නැත්නම් විශාල මාංශ පේශී සවිමත් කිරීම. මෙය පහත පරිදි අනු කොටස් හතරකට බෙදෙනවා. අසුනක ඉඳගෙන අකුරක් නිර්මාණය කිරීම සඳහා දරුවාට පහත සියලු විශාල මාංශ පේශී කුසලතා අවශ්‍ය වෙනවා. මෙම කුසලතා සංවර්ධන නොවූ දරුවෙකු අකුරු ලියන්නෙ නැතිද? අනිවාර්යයෙන්ම අකුරු ලියනවා. නමුත් විශාල මාංශ පේශී සංවර්ධනය සිදු වූ දරුවා අපහසුවකින් තොරව එය කරනවා.

Balance

Coordination

Body awareness

Physical strength

Reaction time

උඩුකය සමබරව තබා ගැනීම වැලමිට මැණික් කටුව සහ ඇඟිලි නිසිපරිදි මෙහෙයවීම සහ වේදනාවකින් තොරව ශරීරයේ ඉරියව් පවත්වා ගැනීමට චාලක කුසලතා දරුවාට උපකාරී වෙනවා.

තවත් උදාහරණයක් ලෙස අපි

සංඛ්‍යා කුසලතා ගනිමු. සංඛ්‍යා කුසලතා මේ ආකාරයෙන් අනු කොටස් වලට බෙදෙනවා

Early Numeracy ;

1. Observation

නිරික්ෂණ මගින් කරුණු ගොනු කිරීම

2.Language

ගණිතය සම්බන්ධ භාශාව

(දිග,දුර, බර, අoක....ආදිය)

3.problem solving

කරුණු එක්‍ රැස් කර ඒවා නිරීක්ෂණය මගින් එලඹිය හැකි විසදුමකට පැමිණීම හෝ කරුණු කීපයක් සලකා බලා එලඹිය හැකි විසදුම් කීපයකට පැමිණීම

4. Number seance

අoක හදුනා ගැනීම

5. Counting

ගණන් කිරීම

ගණන් කිරීම කියන එක අකාර දෙකකින් සිදු වෙනවා.

එකක් අපි හදුන්වනවා Rote counting එහෙමත් නැත්නම් මුල සිට අගට පිලිවෙලින් මතකයෙන් ගනන් කිරීම

තවත් විදිහක් තියනවා....ඒ තමයි rational counting

ඒ කියන්නේ... ගොඩක තිබෙන ප්‍රමාණය ගණන් කිරීම සහ අවසාන අන්කය ගොඩෙහි ඇති ප්‍රමාණයට සමාන බව හදුනා ගැනීම.

6. One to one correspondence

ගොඩක ඇති ප්‍රමාණය තවත් ගොඩක ඇති ප්‍රමාණය හා සැසදීම.

7. Numbers and Symbols

අoකයක් යනු සලකුණක් බවත් එම සලකුණ යම් කිසි ප්‍රමාණයක් දැක්වීම සදහා යොදා ගන්නා බවත් හදුනා ගැනීම

8. Early Geometry

හැඩතල හදුනා ගැනීම

9. Spatial seance

තර්කානුකූල රටාවක් හෝ නිර්මාණයකට අනුව ද්‍රව්‍ය හෝ සලකුණු සටහන් කිරීම

10.Measurement

යම්කිසි දෙයකට අගයක් සැපයීම සහ එම අගය අනුව ද්‍රව්‍ය අනුපිළිවෙළින් සැකසීම හෝ සැසදීම

(බර , දුර, කාලය,උස වැනි)

11.patterns

නැවත නැවත යෙදෙන පරිදි තර්කානුකූල පිලිවෙලකට ද්‍රව්‍ය ස්ථානගත කිරීම.

12.parts and wholes

කොටස් සහ භාග පිලිබද අවබෝධය

13. Sets and classifying

තර්කානුකූලව ගොඩවල් (කුලක) නිර්මාණය

මෙයින් ගොඩවල් වලට වෙන් කිරීමට වඩා වැඩි තර්කානුකූල අවබෝධයක් බලාපොරොත්තු වෙනවා.

(උදාහරණයක් විදිහට දරුවා..පාට හැඩය...ප්‍රමාණය හදුනාගෙන එකම දේ විවිධ අයුරින් වෙන් කිරීම)

14. Ordering and Seriation

ද්‍රව්‍ය හෝ සලකුණු දෙකකට වැඩි ගනනක් සැසදීම මගින් ඒවා නියමිත පිලිවෙලකට ස්ථාන ගත කිරීම

15.Comparing

සැසදීම මගින් වෙනස්කම් හා සමානකම් හදුනා ගැනීම

16. Graphing

උගත් නිරීක්ෂණ සහ කරුණු සටහන් කිරීම හෝ විස්තර කිරීම

17.Groups and symbols

විශාල ප්‍රමාණ සහ ගණිතමය සලකුණු භාවිතා කිරීම.

අවසාන වශයෙන් තවත් උදාහරණයක් ලෙස ඔබ හසුරු කුසලතා ලෙස හඳුන්වන සියුම් මාංශපේෂි සංවර්ධන ක්‍රියාකාරකම් ගනිමු

සියුම් මාංශපේශී සංවර්ධන ක්‍රියාකාරකම් නොහොත් Fine motor Skills පහත පරිදි අනු කොටස් 21 ට බෙදෙනවා.

1. Open thumb web space

2.Bilateral cordination

3. Thumb IP join flexion

4. Finger Isolation

5. Hand and wrist Development

6. Upper extremity stabilization

7. UE joint mobility

8.Core strength and Posture

9.ROM

10. Dexterity

11. Arch Development

12.Instrinsic muscle strength

13.Bilateral cordination and integration

14. Visual - motor control

15.Precision handling

16. Motoric separation of thw two sides of the hands

17. Motor control

18. Pincer Grasp

19. Grip strength

20. Pinch strength

21.Gross grasp strength

මේ ආකාරයෙන්ම ඉහත සියලු කුසලතා අනු කොටස් ගණනාවකට බෙදෙන අතර එම කුසලතා සංවර්ධනය විය යුතු බව පරීක්ෂනාත්මකව ඔප්පු කළ කුසලතාවයන්.

ඉතින් ඔබට තිබෙන්නෙත් න්‍යෂ්ටික පවුලක් නම්, දරුවාගේ දවස තිරයක් ඉදිරිපිට ගතවනවා නම් හෝ නිරර්ථක ව එහෙ මෙහෙ ඇවිද යාම පමණක් සිදු වෙනවා නම්, උදේ කාලයේ පැය හතරක් පෙරපාසලේ රැඳී සිටීම දරුවාට ගෙදර සිටිනවාට වඩා යහපතක් කරාවි යන්න මගේ මතයයි.

කෙසේවෙතත් අඩු බර දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් මෙම කාරණාව වෙනස් වෙනවා. ඉහත සියලු කාරණා සලකා බලා දරුවා පෙර පාසල යැවිය යුතු නිසි වයස තෝරා ගැනීම ඒ ඒ දෙමව්පියන් සතු තීරණයක්

💖
Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy