Guided Painting

නිර්මාණශීලී බව කියන්නෙ හැම දරුවෙකුගේම සැගවුනු කුසලතාවයක්.වර්ණත් එක්ක වැඩිවැඩියෙන් සම්බන්ද වෙනකොට ඔයාගෙ ගෙදරිනුත් පුoචි පිකාසෝ කෙනෙක් බිහිවෙන්න තියන අවස්තාව වැඩි වෙනවා විතරක් නෙමෙයි එයාලගේ විශේශ හැකියාවනුත් වැඩි වැඩියෙන් වර්දනය වෙනවා.

මොනවද ඒ?

වර්ණත් එක්ක වැඩකරද්දී එයාලගේ විශ්ලේශණ හැකියාව හරිම හොදින් සoවර්දනය වෙනවා. ඒ විතරක් නෙමෙයි ගැටලු විසදීමේ හැකියාව, ආත්මවිශ්වාසය වර්දනය වීම තමන්ගෙ අතින් නිර්මාණය වුනු දෙයක් අගය කරද්දී දැනෙන අභිමානයත් මේ නිර්මානාත්මක ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක්
ඒ විතරක් නෙමෙයි
පින්සල හැසිරවීමෙන් එයාගෙ හසුරු කුසලතා වර්දනය වීමත් සිද්දවෙනවා.

වැරදීම් වෙන්න වෙන්න පුන්චි පරීක්ශකයින් බිහිවෙනවා.මේ පුන්චි පරීක්ශකයෝ අනාගතේ ලොකු නිර්මාණ බිහිකරාවි.

අලුතින් හිතන්න අලුත් ඇහැකින් ලෝකය දකින්න එයාල පුරුදුවේවි.

අද අපි කතාකරමු guided painting එහෙමත් නැත්නම් මගපෙන්වීම යටතේ කරන පින්තාරු ගැන.

අපේ පුන්චි පිකාසෝ ලට ආඩම්බර වෙන්න එයාලා මේ කරන හරිම ලස්සන නිර්මාණ හැමෝටම පේන්න display කරන්න අමතක කරන්න එපා. මටත් බලන්න එකක් එවන්න 💜💙❤

පලවෙනි පින්තූරයේ තියෙන්නෙ masking tape Art එකක්. A4 කොලයක wiring කරනකොට ගන්න මාස්කින් ටේප් අලවලා එයාට නිදහසේ පාට කරන්න දෙන්න.ටිකක් ලොකු බබෙක් නම් එයාට වඩාත් ක්‍රමානුකූලව මේක කරන්න පුලුවන් හරියට දෙවනි රූපයේ වගේ
අවසානයේ මස්කින් ටේප් එක ගලවලා magic පින්තූරය බලන්න 😚💛
ඊලග වැඩේට ඕනෙ toilet paper roll

ඒවා නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලක් රෝල් කරලා තීරු කපා ගන්න. ඊලගට මේ වගේ print කරන්නයි තියෙන්නෙ.අපි මේකට කියන්නෙ firework painting කියලා

තුන් වෙනි වැඩේ. Binder ගම් ටිකකට ඔයාලා කැමති පාට 2ක් දාගන්න. යන්තමට කවලම් කරන්න 
හොදටම mix කරන්න එපා.දැන් බැලුම් එකක් පොඩ්ඩක් පුම්බලා print කරන්න දෙන්න. 
හරිම ලස්සන shades තියේවි

එහෙනම් දැන් පාටකරමු!!

Article Written By Nuwangi Jayasundara
Turttys Educational Services මගින් අපි ඔබේ පවුලට අවශ්‍ය බාලාංශ හා පෙර පාසල් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු. අපගේ සුදුසුකම් ලත් ගුරුවරුන් ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ අවශ්‍යතා පෝෂණය කරන පරිදි සකස් කළ මුල් ඉගෙනුම් වැඩසටහන් සපයනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

#170, විහාර මාවත, මුල්ගම්පොළ, මහනුවර