අම්ම එක්ක මලක් හදමු

මේ දවස් ටිකේම මහන්සියෙන් වැඩ කල නිසා උදේම එලියට ටිකක් යමුද? උදේ පාන්දර මොනවගේද කියල බලන්න...

අහස මොන පාටද....

අද අලුතින් මල් පිපිලද,

ඊයෙ තිබුනු පිච්ච් පොහොට්ටු අදත් තියනවද??
ඊයෙ තිබුනු රෝස මල් අදත් ඒ වගේමද

ඊටපස්සෙ අම්මට පුලුවන් නේද පාට කොලයකින් තීරු කපලා දෙන්න ?

ඒවා එක තැනකින් අලවලා දුන්නම බබාට පුලුවන් ඒ තීරු වල කෙලවර ගම් ගාලා නමලා අලවන්න. ඒක හරිම ලේසි වැඩක්. ඔක්කොම තීරු නමලා අලවලා මැදින් රවුමක් කපලා අලවලා අපිත් අම්ම එක්ක මලක් හදමු 

:)

අපේ බබාලා නම් හැදුවේ සුදු පාට මලක් 🌷🌷

Article Written By Nuwangi Jayasundara
Turttys Educational Services මගින් අපි ඔබේ පවුලට අවශ්‍ය බාලාංශ හා පෙර පාසල් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු. අපගේ සුදුසුකම් ලත් ගුරුවරුන් ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ අවශ්‍යතා පෝෂණය කරන පරිදි සකස් කළ මුල් ඉගෙනුම් වැඩසටහන් සපයනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

#170, විහාර මාවත, මුල්ගම්පොළ, මහනුවර