නින්ද සහ පොඩිත්තෝ

නින්ද කියන්නෙත් ආහාර තරමටම දරුවන්ගේ සංවර්ධනයට වැදගත් සාධකයක්. කොහොම උනත් පුංචි දරුවෝ අල්ලල නිදි කරන එක නම් එක්තරා යුද්ධයක් 

වයස අවුරුදු 1-2 අතර දරුවන්.

වයස අවුරුදු 1 -2 අතර දරුවන් දවසකට පැය 11-14 පමණ නිදාගන්න ඕනෙ. ඉතින් මේ නිසා මේ වයසේ දරුවන්ට අපි පෙරපාසලේදී nap time එකක් ලබාදෙනවා.මේ වයස වෙනකොට දවල් කාලයේ දෙවරක් නින්දට ගිය දරුවන් එක් වරක්පමණක් දක්වා නින්ද අඩු කරගෙන ඉන්න බව ඔයාල දකීවි අවුරුද්දේ ඉදන් අවුරුදු දෙක වෙනතුරු දරුවන් නිදහස්ව වැඩෙන්න වැඩි කැමැත්තක් දක්වනව වගේම එයාලගෙ චාලක ප්‍රජානන සහ සමාජීය සංවර්ධනය කලින්ට වඩා වේගවත් වෙනවා, මේ වේගවත් සංවර්ධනය දරුවාගේ නිදාගැනීමේ පුරුදු වලට බලපානවා, එයාල හරිම කාර්‍ය බහුලව සංවර්ධන ක්‍රියාවලියේ ඉන්න නිසා මේ කාලයේ එයාලට කරන්න වැඩ ගොඩාක් තියනවා...වේගවත් සංවර්ධනයට අදාල ක්‍රියාකාරකම් නිසා එයාල නින්ද ප්‍රතික්ශේප කරනවා අපි දකිනවා. අඩු නින්ද නිසා ඉක්මනින් වෙනස් වෙන මනෝභාවයන් අපිට මේ වයසේ පොඩ්ඩන්ගෙන් නිතර දකින්න ලැබෙන දෙයක්..කොහොමවුනත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම මේ වයසේ පොඩ්ඩන්ගේ චර්‍යාරටා සදහාත් බලපාන නිසා නොනිදන දරුවන් ටිකක් විතර වැඩියෙන් naughty වීම දකින්න පුලුවන් වේවි.

ඒ නිසා මේ වයසේදී ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ලබාදෙන්න අපි care centers වලදී nap rooms හෝ snuggle corners ලබාදෙනවා. එහෙම කරන්නේ අඩු නින්ද දරුවාගේ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන නිසයි.

ස්ථිර සහ ක්‍රමවත් bedtime routine එකක් අනුගමනය කිරීම නින්ද මගහැරීම වල්ක්වාගන්න මේ කාලයේදී ඔයාලට උදව් වේවි.

අපි හිතමු බබා දවල්ට කාලා අම්ම එක්ක කතා පොතක් කියවලා ටිකක් නිදාගන්නවා. අපි ඒක හැමදාම ඒ වෙලාවට කරනව නම් ඒ වෙලාව එද්දී පොඩ්ඩා දන්නවා මේ තමයි නිදියන වෙලාව කියලා.මේ විදිහට bedtime routine එකක් පුහුණු කරවීමෙන් එයාගේ මොළයේ වේගවත් ක්‍රියාකාරීත්වයත් නින්දට වෙලාව හදුනාගෙන දරුවා අදාල වෙලාවේදී සන්සුන් කරන්න උපකාරී වෙනවා.

මෑතකාලීනව නින්ද සහ වයස අවුරුදු 0 - 3 අතර දරුවන් ගැන සිදුකල පරීක්ෂණ වලදී ( Millennium Cohort Study) දරුවන්ගේ කියවීමේ (භාශා) කුසලතා,ගණිත කුසලතා, සහ අවකාශය පිලිබද දැණුම කෙරෙහි අඩු නින්ද බලපෑම් කරන බව හදුනාගෙන තියනවා. ඉහත පරීක්ෂණ සදහා ඒ වයසේ දරුවන් 11,000 යොදාගැනුන අතර මේ වයසේ දරුවන්ට නියමිත පැය ගනනක නින්ද කෑම තරමටම අවශ්‍ය බවයි ඉහත පරීක්ෂණ වලින් සොයාගැනෙන්නේ

වයස අවුරුදු 3-5 අතර පොඩිත්තන්

මේ වයසේ දරුවන් දවසකට පැය 11-13 කාලයක් නිදාගන්න බවයි අපි ඉගෙනගන්නේ.. හීන දකින්න එහෙම බබාලා පටන්ගන්නේ මේ වයසට ලංවෙද්දියි...හරි නින්දක් නොලැබීම නිසා දරුවන් නොසන්සුන් වීමත් ප්‍රතිශක්තිය දුර්වල වීමත් සිදුවෙන බව අපි ඉගෙනගන්නවා.ශරීරයට අවශ්‍ය කරන විවේකය නිසි පරිදි නොලැබෙනකොට නැවත ක්‍රියාකාරී වීමට අවශ්‍ය ශක්තිය ශරීරයට නැති වෙනවා. ඒ වගේම අවශ්‍ය පමන නින්ද නොලැබීම එයාලගෙ ප්‍රජානන සංවර්ධනයට සහ චර්‍යා රටා වගේම භෞතික සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.

වයස අවුරුදු 6-13 අතර දරුවන්

මේ වයසේ දරුවන් දවසකට පැය 9-11අතර කාලයක් නිදාගන්න ඕනෙ කියල තමයි කියන්නේ

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy