Sensory Play Recipes

අද ඔයාලට කියලදෙන්න යන්නේ Sensory Play වලට අපි භාවිතා කරන recipes කීපයක් හදාගන්න හැටි..... ඔයාලට මේවා ගෙන්නගන්නත් පුලුවන් වුනාට ගෙදරදී හදාගන්න හරිම ලේසියි.

පලවෙනිම එක Play Dough

මේකට ඔයාලට ඕනෙ වෙනවා 
**පිටි කෝප්ප 02
**ලුනු කෝප්ප 01
**එලවලු තෙල් මේස හැදි 01
**උනුසුම් වතුර කෝප්ප 02

මේ හැමදේම එකට එකතු කරලා මද ගින්නේ pan එකකට දාලා හැදිගාමින් රත්කරන්න. Pan එකේ අයින් වලින් මේ මිශ්‍රණය ගැලවෙලා මැදට ගුලිවෙනකොට ලිප නිවලා නිවෙන්න තියන්න

හොදට නිමුනම ඔයාලට පුලුවන් පාට එකතුකරගන්න. අතේ ඇලෙනවා වගේ නම් ආයිමත් ලිපේ තියලා ටිකක් dry කරගන්න.

#ඊලගට_Slime

Slime එක හදන හැටි මගේ වීඩියෝ එකෙනුත් ඔයාලට බලන්න පුලුවන්.

**වතුර කෝප්ප 1/4 
**ගම් කෝප්ප 1/4
**දියකරගත් පිටි කෝප්ප 1/4
** food coloring
ලොකු භාජනයක මේ දේවල් ඔක්කොම හොදින් එකට එක් කරන්න. Slime කියන්නේ ඇල්ලුවාම පහලට වැක්කෙරෙන මිශ්‍රනයක්. පහල පින්තූරයෙන් ඔයාලට slime වල ගනකම කොච්චරක් වෙන්න ඕනද කියලා හිතාගන්න පුලුවන් වෙයි.

#Kinetic_sand

**වැලි කෝප්ප 05
**Corn පිටි මේස හැදි 1 1/2
**Dish washing liquid තේ හැන්දක්
**වතුර කෝප්ප 01ක්

වැලි භාජනයකට දාලා Corn පිටි එක්කරමින් අනාගන්න. වතුර සහ dish soap වෙනම දියකරගන්න.දැන් මේ දෙකම එකට එකතු කරලා හොදින් මිශ්‍ර කරගන්න. 💛💛

#Moon_sand

**සිනිදු වැලි
**පිටි කෝප්ප 02
** හීනියට ගාගත්ත දෙහි පොත්තක් එකතු කරන්න අමතක කරන්න එපා
**පොල්තෙල් කෝප්ප 1/3

මේ ඔක්කොම එකතුකරලා හොදින් අනාගන්න.
අපිනම් කටේ දාන්න වුනත් එපා කියන්නෙ නෑ
Moon sand අපි දෙනවා පුන්චි බබලටත්
අවුරුද්දේ වගේ. ටිකක් කටේ දැම්මම ආයේ දාන්නෙ නෑ 😂

තව ගොඩාක් තියනවා....ඉතිරි ටික අනිත් දවසේ
ඉතින් ඔයාලට මේවා හදාගන්න කම්මැලි නම් අපිට message එකක් දාන්නකෝ

Happy play!!

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy