Sensory play

මොකක්ද මේ sensory play කියන්නේ

Sensory play එහෙමත් නැත්නම් messy play කියන්නේ ඔයාලගෙ බබාලට වඩවඩාත් එයාලගෙ සන්වේදන ඉන්ද්‍රියන් ක්‍රියාත්මක කරමින් ඉගෙනගන්නට ලබාදෙන සුවිශේශී ඉගෙනුම් අත්දැකීමක්.

මෙතනදී දරුවන්ට එයාලගෙ සoවේදන එකක් හෝ වැඩි ගනනක් මෙහෙයවලා ඉගෙනුම් අත්දැකීම් ලබාගන්න අපි අවස්තාව ලබා දෙන එකයි කරන්නේ.

Sensory play එකකදී අපි එයාලගෙ senses එහෙමත් නැත්නම් සන්වේදක stimulate කරන්න උත්සාහ ගන්නවා. 
දැකීම ඇසීම ස්පර්ශය රෑපය දැනීම සමබරතාවය සහ චලනය කියන දේවල් වලින් තමයි මේ වයසෙදි ඔයාලගෙ දරුවා ඉගෙනගන්නේ. ඉතින් sensory play එකකින් අපි මේ කරන්නේ... එයාගෙ බුද්දි වර්දනයට බාහිර උත්තේජනයන් ලබාදෙන එකයි.

Sensory play එකකින් මොකද වෙන්නේ??

** දරුවන් මේ මගින් එයාලා අවට පරිසරය ගැන ඉගෙන ගන්නවා

**බුද්දි සන්වර්දනයට සහ නිර්මාණාත්මක බව වැඩිදියුනු කරන්න අවශ්‍ය ස්නායු සම්බන්දතා sensory play මගින් ඇති කරනවා

** භාශා කුසලතා වර්දනය කරන්නත් සියුම් හා දල චාලක හැකියා සන්වර්දනය කරන්නත් ගැටලු විසදීම (problem solving) සහ තර්කන (reasoning) හැකියාව වගේම අන්තර්පුද්ගල සම්බන්දතා වර්දනය කරන්නත් sensory play උදව්වෙනවා.

සරලවම කියනවනම්.... sensory play කියන්නේ දරුවාගේ මොලයට අපි ලබාදෙන ආහාරයක්. 
(A food for brain) කියලා අපි කියනවා.

සන්වර්දනයේ ඉතාම වැදගත් අවස්තා දියුණු කරන්න Sensory play මගින් අපි මොලයට උපකාර කරනවා.

ඉතින් මේවා අපේ අම්මලා කලායැ...අපි මේ හොදට ඉන්නේ කියල ඔයාලට හිතෙනවා ඇති😂🤗

ඇත්ත!!

නමුත් හිතලා බලන්න 
අපේ දරුවෝ හැදෙන්නෙ වැඩෙන්නෙ අපි හැදුනු වැඩුනු පරිසරයෙ නෙමෙයි
අපි පුන්චි කාලේ මොලයට අවශ්‍ය උත්තේජන සපයන්න පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් මදි නොකියන්න තිබුනා.... ගහක් උඩම හරි ඇලක දොලක හරි මුලු දවසෙම නටපු මතක ඔයාලටත් ඇති. 
ඒත් අපේ දරුවන්ට??
ගේ ඇතුලෙම හිටියත් tab එකට හරි tv එකට හරි හුරුවුනු අපේ පොඩ්ඩන්ට එහෙම උත්තේජන ලැබෙනවද??

අන්න ඒ නිසයි සැලසුම් කල මේ ක්‍රියාකාරකම් හරිම වැදගත් වෙන්නේ.

හෙට මම ඔයාලට කියල දෙන්නම් Sensory play එකක් සැලසුම් කරන හැටි.

එතකන් මේක බලන්නකෝ. මේ පාට පාට නූල් වගේ තියෙන්නේ Noodles 🤗🤗

එතකොට මඩ.....පාන්පිටි....තව.....මැටි
පාට කරපු බත්, spegatti...... පුන්චිම අයට කවාගන්නත් පුලුවන්

පාට කරපු වැලි... ලී කුඩු මේ ඕනෙම දෙයක් ඔයාලට ගන්න පුලුවන්

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy