Sensory play - Rainbow Rice

12 - 36 Months වලට හදපු පාඩමක් ඔයාලා එක්ක page එකෙත් බෙදාගන්න හිතුවා.

තාමත් හැමෝම groups වලට සම්බන්ද වෙලා නැති නිසා මේක ප්‍රයෝජනවත් වෙයි.

පලවෙනි පාඩම - sensory bin

මුලින්ම මම ඔයාලට කියල දෙන්නම් Sensory Bin එකක් හදාගන්න හැටි. මේකට අපිට ඕනෙ වෙනවා
**විනාකිරි
**කෑම වර්ණවත් කරන්න ගන්න food coloring
**plastic bags
** සුදු හාල්
** පියනක් සහිත tray එකක්
**පුoචි සෙල්ලම් බඩු (පොඩි සත්තු, craft flowers, පුoචි බෝනික්කෝ...ඔයාල කැමති දෙයක් මේකට දාන්න පුලුවන්.. plastic අකුරු, numbers වගේ උනත්)

කරන්නෙ මෙහෙමයි,
සුදු හාල් plastic bags වලට දාගෙන විනාකිරි මේස හැදි 2 ක් එකතුකරලා food coloring යොදාගෙන හොදින් වර්ණවත් වෙනකන්ම සොලවලා පාට කරගන්න.

මේ විදිහට පාට පාට කරගත්ත හාල් එක රැයක් පත්තර කොල වල අතුරලා වේලා ගන්න. (විනාකිරි සුවදත් යනවා)

දැන් කලවම් කරගන්නෙ නැතිව මේ හාල් ඔයාලගෙ tray එකේ අතුරගන්න. පස්සෙ කවලම් වෙනවා තමයි ඒත් මුලින්ම බබාට දෙන දවසේ ඒක ලස්සනට තියෙද්දි බබා ආස වෙනවා.

දැන් මේ tray එකේ ඔයාලගෙ පුන්චි සෙල්ලම් බඩු හන්ගන්න.

බබා මේවා හොයාගන්න ඕනෙ. අම්මයි බබයි එකතුවෙලා මේ බඩු හොයනකොට බබා එකක් හොයාගත්තම ස්තුට අගවන හඩක්....clap එකක් වගේ දේකින් එයාව දෛර්‍ය් මත් කරන්න.

ඔයාල හැන්ගුවේ numbers නම් බබා හොයාගත්ත number එක හඩ නගා කියන්න පුලුවන් 
ඒකෙන් බබාට number name එක මතක හිටීවි. බබා එක්ක මේ පාඩම කරලා photos දාන්නකෝ මට බලන්න

මේකෙන් ඔයාලගෙ බබා සිත එක අරමුනක තබාගන්න පුරුදු වෙනවා
ඒ වගේම එයාගෙ senses stimulate කරනවා
එයා සතුටින් ඉගෙනගන්න හැටි අපි බලන් ඉමු!

 

Images taken by internet. Images copyrights goes to Original creator and thanks for them to posting on Internet 

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy