අසාර්ථක වැඩිහිටියන් බිහිවීමට මුල් ළමාවිය බලපාන්නේ කෙසේද?

ලෝකයේ සෑම දරුවකුටම ආදරණීය ප්‍රතිචාරාත්මක දෙමාපියන් සිටිය යුතු අතර ඔවුන් කරුණාවෙන් දරුවන් සුවපත් කරන්නන් විය යුතුයි

සමාජ විරෝධී ක්‍රියාකාරකම්වල යෙදෙන වැඩිහිටියන් , ආතතියෙන් පෙළෙන හා මානසික ආතතිය නිසා ජීවිතය තොර කර ගන්නා වැඩිහිටියන්, අධික කෝපය නිසා ගන්නා වැරදි තීරණ නිසා ජීවිතයේ ඉතාම සංකීර්ණ ගැටළු වලට මුහුණ පාන වැඩිහිටියන්, සම්බන්ධතාවයන් වලදී එකිනෙකාට අවංක නොවන විශ්වාස කළ නොහැකි හෝ වෙනස් ලිංගික අවශ්‍යතාවයන් සහිත වැඩිහිටියන් ගොඩනැගෙන්නේ කුඩා කාලයේ දී, විශේෂයෙන් මුල් ළමා වියේදී සිදු වන emotional abuse නිසා බව ඔබ දන්නවාද? 

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ Dr: Edward Tronick සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදුකරන ලද still face නම් වූ පරීක්ෂණයේදී ප්‍රතිචාරාත්මක නොවන දෙමාපියන් දරුවන් තුළ ඇති කරන ආතතිය ඔප්පු කෙරෙනවා. මෙහිදී නිරෝගි දරුවන් සහ මව්වරුන් යොදා ගැනෙන අතර දරුවා සමඟ ප්‍රතිචාරාත්මක නොවන මුහුණකින් විනාඩි දෙකක කාලයක් මව රඳවනවා.

තම ප්‍රතිචාරාත්මක මව නැවත ලබාගැනීමට කුඩා දරුවා සෑම ආකාරයකින්ම උත්සාහ කරන අතර අවසානයේදී දරුවා ආතතියෙන් හැඬීමට පටන් ගන්නවා. 

දැන් අපි සැබෑ ලෝකය දෙස හැරෙමු. සැබෑ ලෝකයේදීත් දරුවන් මෙලෙසින්ම දෙමාපියන් ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන අතර සමහර දරුවන්ට සෑම මොහොතකම එම ආදරණීය ප්‍රතිචාර ලැබෙනවා. සමහර දරුවන්‍ට වරින් වර දෙමාපියන් ප්‍රතිචාර ගෙන් ලැබී නොලැබී යනවා. ඒ වගේම සමහර අවාසනාවන්ත තත්ව වලදී දරුවන්ට දෙමාපියන් ගෙන් එවැනි ආදරණීය ප්‍රතිචාර නොලැබීම යනවා..... !!!!!!

වර්ථමානයේ ජීවත්වන මිනිසුන් බොහෝ දෙනෙක් ආතතිකර වන්නට හේතුව අපගේ දෙමාපියන් නිරන්තර ප්‍රතිචාර නොදැක්වූ still face දෙමාපියන් වූ නිසා වියහැකි බව Dr: Edward Tronick ප්‍රමුඛ පර්‍යේශණ කන්ඩායම පවසනවා.

මේ ආකාරයෙන්ම කුඩා කාලයේ දෙමාපියන් සමග සිදුවන සිදුවීම් අනාගතයේ දී දරුවන් ගේ ජීවිතයම වෙනස් කරන බව මේ.වනවිට අප හැම දෙනාම දන්නා කරුණක්.

කුඩා කාලයේ ලබන නරක අත්දැකීම් නිසා සිදුවන හානි කිහිපයක් ගැන අද අප කතා කරමු.

1 . Flash back memories
කුඩා කාලයේ දී අපචාරී ක්‍රියාවන් වලට ගොදුරු වූ කුඩා දරුවන්මෙම තත්ත්වයෙන් පෙළෙන වැඩිහිටියන් බවට පත්වෙනවා. මෙම වැඩිහිටියන්ට පුංචි කාලේ මතකයන් සමිපූර්ණ කතාවක් ලෙස මතක හිටින්නේ නැහැ. යම්කිසි සිදුවීමක මුළු කතා ම ඔහුට හෝ ඇයට අමතක විය හැකි අතර නමුත් කුඩා කොටස් තැනින් තැන පමණක් මතක තිබෙනවා තමන්ගේ ළමා කාලයෙන් යම්කිසිවක් හෝ යමෙක් අතුරුදහන් වී ඇති බවක් දැනෙන අතර අසම්පූර්ණ බවක් දැනෙනවා. මෙම අසම්පූර්ණ බව ඔහුට හෝ ඇයට නිරන්තරයෙන් හිරිහැර කරනවා.

2. Toxic relationship
ආදරය සහ හැඟීම් සම්බන්ධව ්‍රතිචාරාත්මක නොවන නිවසක ජීවත් වූ දරුවන් වැඩිහිටියන් ලෙස ආදරණීය සබඳතාවයන් පවත්වා ගැනීමට අපොහොසත්. ඔවුන් බැඳීම් වලට බය වන අතර විශ්වාස කිරීමට මැලි වෙනවා. එමෙන්ම ඔවුන් නොදැනුවත්වම යොමුවන්නේ නොසුදුසු සබඳතාවයක් ගොඩනගා ගැනීමටයි. ඔවුන් අස්ථීර බවට සහ තමන්ට නරක ලෙස සලකනු ලැබීමෙන් සතුටට පත් වෙනවා.

3. anxious preoccupied attachments
ප්‍රතිචාරාත්මක නොවන කරුණාවන්ත හෝ ආදරණීය නොවූ ද දෙමාපියන් යටතේ හැදුනු දරුවන් මට ආදරේ කළ යුතු නැහැ මම ආදරය ලැබීමට සුදුසු නැහැ යනුවෙන් ද
සිතන වැඩිහිටියන් බවට පත්වෙනවා. ආදරයෙන් බැඳීමට අවශ්‍ය වුණත් ්‍රතික්ෂේප වීමට බිය වෙනවා. තමන්ට හිංසා කරාවි හෝ පහර දේවි යන බියෙන් පසුගාමී වන මෙම දරුවන් ජීවිතය කිසිම දෙයකට නොබියව ඉදිරිපත් වන්නේ නැහැ එය දරුවාගේ ජීවිතය විනාශ කරනවා.

4.passive aggressiveness
නිතරම කෝපයෙන් සිටින දෙමාපියන් සමඟ හැදී වැඩෙන දරුවන් හැඟීම් වලට වටිනාකමක් ඇති බව විශ්වාස නොකරන වැඩිහිටියන් බවට පත්වෙනවා. කුඩා කාලයේ කිසිම විටක තම හැඟීම් වලට වටිනාකමක් නොලැබුණු බැවින් ඔවුන් තම හැඟීම් මරා දමනවා. කතාබහකර ගැටලු විසඳාගැනීමට පෙළඹෙන මොවුන් අන් අයගේ ආදරණීය ප්‍රශ්න කිරීම් ලඟ පවා කෝප වෙනවා. සෑම ගැටලුවක්ම කෝපයෙන් විසදාගැනීමට උත්සාහ කරනවා.

5. Negative self talk
මට ඒක කරන්නට බැහැ, බොහෝ කරන්න පුළුවන් කාටද, මට වටිනා කමක් නැහැ, මම අවාසනාවන්තයෙක්, මෙලෙස හිතන වැඩිහිටියන් බිහිවන්නේ ුඩා කාලයේ දෙමාපියන් විසින් වචන වලින් කරන හානියේ ප්‍රතිඵලයක් විදිහටයි. සෑම විටම සෘණාත්මක හෙලා දැකීමට ලක් වන දරුවන් වැඩිහිටියන් ලෙස ඍණාත්මක හැඟීම් ඇතිකරගන්නවා. තමා විසින්ම උවමනාවෙන් ධනාත්මක චින්තනයක් ඇතිකර ගැනීමට උත්සාහ කළ ද ඔවුන් තුළ ඇතුළාන්තයෙන් හඬ නගන සෘණාත්මක හැඟීම් ඔවුන් පසුගාමී කරනවා

6. Emotional roller coaster
තමන් ගන්නා තීරණ හෝ තමන් විසින් සිදු කරන යම් ක්‍රියාකාරකම් ඕනෑවට වැඩි හෝ ්‍රමාණවත් නැත යන හැඟීමෙන් නිරන්තරයෙන් පෙළෙන මෙම වැඩිහිටියන් බිහිවන්නේද කුඩා කාලයේ දෙමාපියන් ගෙන් සිදුවන හානිය නිසයි. නිරන්තරයෙන් තමාම කරදරේ දමා ගන්නා තීරණ ගන්නා මොවුන් හැඟීම් පාලනයට අපහසු වෙනවා. දුක හිතනවා විට අනවශ්‍ය තරමට දුක හිතෙනවා, කේන්තිය අනවශ්‍ය තරමට වැඩි වෙනවා, බය සැක වෙහෙස ආදී සියළුම හැඟීම් ඔවුන් ආතති කර ලෙසම වැඩි කරගන්නවා.

Images taken by internet. Images copyrights goes to Original creator and thanks for them to posting on Internet 

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy