මූලික ගණිත සංකල්ප - තේරීම ( sorting )

සමානතා හදුනාගැනීමේ හා තේරීමේ ක්‍රියාවලිය පටන්ගන්නේ දරුවෙක් පුන්චි කාලයේමයි. ඔයාගේ බබා වෙනස් වෙනස් හඩවල් වෙනස් වෙනස් විදි වලට අඩනවිදිහ මතක්කරගන්න...මේ විදිහට විවිද හැඩීම් ක්‍රම මගින ඔයාගේ බබා ඒවට ලැබෙන ප්‍රතිචාර තොරාගත්තා. වැඩිහිටි කෙනෙක් දුවගෙන එන්නේ මොනවිදිහට ඇඩුවමද ..මොන ශබ්ද කිරීම් ද පලරහිත වෙන්නේ කියලා පුන්චි කාලෙදිම දරුවෙකු තෝරා ගන්න ඉගෙනගන්නවා

ඊලගට බබා මේ තේරීමේ ක්‍රියාවලිය එයා ඉගෙන ගන්න වචන එක්ක සම්බන්ද කරනවා. සෑම අලුත් වචනයකටම සමාන දෙයක් හෝ ක්‍රියාවක් තියන බව එයා වටහා ගන්නවා.මේ විදිහට එයාලා එයාගෙ අවට පරිසරය හදුනාගැනීමේ යෙදෙනවා. මේ මුල්ම තේරීම තමයි දරුවෙකුගේ මුල්ම ගනිත පාඩම.

පරිසර ගවේශණයේදි දරුවන් තමන් අවට තිබෙන විවිද දේ සමාන හා අසමාන වන ආකාරය හදුනාගන්නවා..එහෙම සමාන හෝ අසමාන ලෙස හදුනාගන්නා ද්‍රව්‍ය දරුවන් වර්ගීකරනය කරනවා.
කොහොමද එහෙම කරන්නේ....
ඔයාගෙ බබා හැඩයෙන් , පාටින් , ප්‍රමානයෙන්, ශබ්දයෙන් වගේ එයාලට පහසුවෙන හදුනගන්න පුලුවන් ලක්ශන වලින් ද්‍රව්‍ය වෙන්කරනවා.

වෙන් කිරීමෙන් තේරීමේ ක්‍රියාවලිය ඉවර වෙන්නේ නැහැ

කලින් සදහන් කල ආකාරයට වෙන් කර ගැනීමට දරුවන් භාවිතාකල සන්කල්පම යොදා ගනිමින් එයාලා ද්‍රව්‍ය සමාන කරන්නත් ඉගෙනගන්නවා. හැඩයෙන් පාටින් වර්ණවලින් වෙනස් වුනු දේවල් සමහර දේවල් එක්ක හැඩයෙන් පාටින් වර්ණයෙන් සමාන බව එයා හදුනාගන්නවා.

පෙර පාසල් පොත් වල සමාන රූප යා කරන්න
වෙන්ස් රෑපය තෝරන්න කියන ක්‍රියාකාරකම් වලදී අපි බලන්නේ දරුවා කොයිතරම් දුරට මේ සන්කල්ප සන්ජානනය කරගෙන තියනවද කියලයි.
මේ සන්කල්ප පසුකාලයේ වඩා සන්කීර්ණ ගණිත පාඩම් බවට පත්වෙනවා ඔයාලට පෙනේවි. අන්න ඒ සoකීර්ණ ගනිත පාඩම් පහසුවෙන් වටහා ගන්න නම් #තේරීම කියන concept එක යට තියන මම මේ කියල ලොකු කතාව....එහෙමත් නැත්නම් තර්කන හැකියාව හරිම වැදගත්

යමක් වෙන්කරද්දී හෝ සමාන කරද්දී ඒ ද්‍රව්‍ය එකකට එකක් වෙනස් හෝ සමාන වෙන්නේ කොහොමද කියලා තමන්ටම ආවේණික අදහසක් දරුවාට තියනවා. පෙරපාසලේදීඅපි කරන්නේ මෙන්න මේ සoජානනය කලින් සැලසුම් කල ක්‍රියාකාරකම් මගින් සීග්‍ර හා ක්‍රමානුකූල කරන්නට උත්සාහ කරන එකයි.

වෙන්කිරීමේ / වර්ගීකරණය කිරීමේ ක්‍රියාදාමය පියවර තුනකින් යුතු වෙනවා;

01. දරුවා කුමන පදනමකින් ද්‍රව්‍ය වෙන්කලයුතුදැයි තීරණය කිරීම

02. දරුවා ද්‍රව්‍ය වෙන්කිරීම

03. දරුවා ද්‍රව්‍ය වෙන්කිරීමට ඔහු හෝ ඇය භාවිතා කල පදනම විස්තර කිරීම.

මෙතනදී විස්තර කිරීම කියන පියවර වඩා සoකීර්ණ ඊලග අවස්තාවේ වඩා සoකීර්ණ වර්ගීකරනයකට දරුවා මෙහෙයවන්නට භාවිතා කරන්න පුලුවන්.

මෙහෙම හිතන්න....
මුලින්ම ඔයාගෙ බබා එයාගෙ blocks පාට අනුවා වෙන්කරනවා. එයා ඒක අවසන් කලාම නිල් පාට blocks නැවත රවුම්, කොටු ආදී විදිහට හැඩානුවත් වෙන් කරන්න පුලුවන් බව වටහාගන්න එයාට යම්කිසි ඉගියක් ලබා දෙන්න අපට පුලුවන්

මේ විදිහට විවිද ද්‍රව්‍ය වර්ගීකරනයට හා සමාන 
කිරීමට අවස්තාව ලබාදීම මගින් පෙරපාසලේදී අපි මූලික ගණිත සන්කල්ප දරුවාට කියා දෙනවා

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy