පන්තිකාමරයෙන් පාටපෙට්ටියෙන් එහා ගිය ලෝකය

පන්තිකාමරයෙන් පාටපෙට්ටියෙන් එහා ගිය ලෝකයක් තියන බව,
පුoචි හිත්වල තියන අසීමිත කුතුහලය අකුරක හැඩතල වලින් සම්පූර්ණ කරන්න බැරි බව දැන් අම්මලා /තාත්තලා දන්නවා. 
තව ටිකක් කතාකරමුද... අද මම කියලදෙන්නේ #සොබාදහමේ_වර්ණ ගැන.

පාටත් එක්ක අපි පෙරපාසලේදී මුලු දවසම ගතකරනවා. ඒත් අපි අද ගවේශණය කරන්නේ සොබාදහමේ රහස් පාටවල්. 
එහෙමත් නැත්නම් අපි අද පරිසරය පාඩම ඇතුලෙම විද්‍යාව හා ගණිතය පාඩම් ඉගෙනගන්නයි යන්නේ.

පාට පෙට්ටියේ තියන පාට ඇතුලෙ හැන්ගුනු සොබාදහමේ පාට හොයාගෙන අපි ගවේශණයක යෙදුනු හැටි පහල පින්තූර වලින් ඔයාලට පේනවා.

මුල් පින්තූර තුනේ තියන ගණිත පාඩම #සමාන බව. 
ඒක හරියටම පන්තිකාමරයේ හිරවෙලා රෝස පාට ගාපු රවුමට රෝස පාට පින්තූර යා කරන එක වගේමයි. හැබැයි ඊට වඩා ලොකු සoවර්දනයක් මේ එලිමහන් ගවේශණයේදී අපේ බබාලට ලැබෙනවා

දැන් විද්‍යාව.... හැමෝටම තමන් එලිමහනෙන් හොයාගත්ත දේවල් වලින් සොබාදහමේ පාට හදාගන්න වෙලාව...අදත් අපි ඉගෙනගන්නවා ගැටලු විසදන්න. මොන පාටද හදන්නේ.....
කොහොමද ඒ පාට හදන්නේ,
මොනවද ඒකට ගන්නේ 
මොනවද එකට එකතුකරන්නේ?

තනියම විසදගන්න ප්‍රශ්න ගොඩක් පොඩ්ඩන්ට තියනවා. ඒ අතර ගුරුතුමී ඉගි මගින් උදව්වෙනවා.

හදාගත්ත පාට වලින් අපි නිර්මාණයක් කරන්නයි යන්නේ... සොබාදහම ගවේශණය කරලා අපි හොයාගත්ත අපේම පාටවල් වලින් 
දැන් චිත්‍ර පාඩම

ඔන්න අදත් අකුරු ලියන්න නම් වෙලාවක් නෑ.

Images taken by internet. Images copyrights goes to Original creator and thanks for them to posting on Internet 

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy