නින්දේදී මුත්‍රා පිටවීම

මේ ලිපිය ලියන්නේ කුඩා ළමුන්ට පවතින ගැටලුවක් වන නින්දේදී මුත්‍රා පිටවීම ,එහෙමත් නැත්නම් රාත්‍රියේ ඇද තෙමා ගැනීම සම්බන්ධයෙන් ...... කුඩා ළමුන්ගේ මේ තත්ත්වය දෙමව්පියන්ට ද විශාල ගැටලුවක් වෙනවා.

වයස අවුරුදු 3 ට අඩු ළමයෙකු නින්දේදී ඇද තමා ගැනීම සාමාන්‍ය දෙයක් වුවද 3-5 ත් හෝ ඊටත් වැඩි ළමයෙකු නින්දෙන් මුත්‍රා පිට කරන්නේ නම් වෛද්‍යවරයකු හෝ මනෝඋපදේශකවර්‍වෙයෙකු වෙත ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කාර්‍යක් වෙනවා. වයස අවුරුදු 5 න් පසුව දීර්ඝ කාලයක් මේ තත්ත්වය පවතී නම් ඊට හේතුවක් විදිහට එය කිසියම් මානසික ගැටලුවක් නිසා ඇතිවන්නක් බවට අපිට උපකල්පනය කරන්න පුලුවන්.

මේ වගේ තත්ත්වක් ඇතිවෙන්න විශේෂයෙන්ම ,
🐥 දරුවා කෙරෙහි මවගේ,පියාගේ අවධානය නැති වීම හෝ අඩු වීම.

🐥 දරුවන් තුළ වෛරී සිතුවිලි ක්‍රියාත්මක වීම.

🐥 රාත්‍රි කලුවරට,අදුරට අධික ලෙස බියක් දැක්වීම.

🐥 ආදරය පිළිබඳ ගැටලු පැවතීම. (දෙමාපියන් සහ වැඩිහිටියන් එම දරුවට වඩා කුඩා ළමුන්ට හෝ වැඩිහිටි ළමුන්ට වැඩි ආදරයක් දැක්වීම )

🐥 දහවල් කාලයේ දැඩි දඩුවම් වලට ලක්වීම.

🐥 පසුදින පාසල් යාමට ඇති අකමැත්ත.

වගේ කරුණු කිහිපයක් බලපාන්න පුලුවන්.මේ වගේ තත්ත්වක් පවතින විට ,

🙏 අන් අය ඉදිරියේ ළමයා අපහාසයට ලක් කිරීම

🙏 ළමයාට දඩුවම් ලබාදීම නොකල යුතුය.

මේ තත්ත්වය මගහරවා ගැනීමට අපිට

👍නිදා ගැනීමට පෙර මුත්‍රා කිරීමට දරුවාට උපදෙස් දීම.

👍 ඇද තෙමා නොගත් දිනවලදී දරුවාට ත්‍යාගයක් ලබාදීමට කටයුතු කිරීම.

👍නින්දේදී දරුවාට යහපත් යෝජනා ලබාදීම.

👍භේදයකින් තොරව දරුවන් සියලුදෙනාටම ආදරය සෙනෙහස දැක්වීම.

වැනි ක්‍රම කිහිපයක් අනුගමනය කරන්න පුලුවන්.

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy