ළමා ප්‍රජානන සංවර්ධනය

ළමා ප්‍රජානන සංවර්ධනය සිද්දවෙන්නේ හරිම වේගවත්ව.මුල් ලමාවියේදී භාවිතයට ගතහැකි සම්කර්පණ එහෙමත් නැත්නම් synapses විශාල ප්‍රමාණයක් මොලය මගින් නිපදවනවා. ඒ වගේම භාවිතයට නොගන්නා මේ synapses පසු කාලයේදී නැතිවී යනවා.

ඔයාලා අහල ඇති USE OR LOSE කියලා දෙයක්.

ඉතින්,

භාවිතයට ගතහැකි මේ synapses නිර්මානය වෙන අවස්තාවේදී ඒවා උපරිමව භාවිතා කලහැකි විදිහට පලදායී ඉගෙනුම් අවස්තා ලබාදීම අපි මුල් ලමාවියේදී කලයුතුයි.

 

දරුවන් අත්දැකීම් ලබන්නේ සීමා සහිතවයි. නිවස පාසල ඇරුනම වැඩිහිටියන් එක්කම රැදෙන එයාලාට අත්දැකීම් ලබන්න හැමදාමත්  තියන්නේ එකම පරිසර තත්වයන් වෙන්න පුලුවන්. ඉතින් අපිට පුලුවන් වෙන්න ඕනේ මේ පරිසර තත්වයන් උපරිම පලදායීතාවයකින් ඉගෙනුම් අත්දැකීම් සදහා භාවිතා කරන්න.

පෙරපාසලක නම් අපි සැලසුම් සහගතව මේ ඉගෙනුම් අවස්තා සැලසුම් කරනවා. නමුත් අකුරු වලින් යටවෙලා පන්ති කාමරයේ හිරවෙද්දි නම් දරුවන්ට සoවර්දනයට තියෙන අවස්තා ගිලිහී යාවි. ඒ නිසා ඔබේ දරුවාගේ පෙරපාසල හොදම පෙරපාසලද කියලා හරිම කල්පනාකාරීව හොයල බලන්න දෙමාපියන්ට සිදුවෙනවා.

 

හෙට ඉරිදනේ.... අම්මයි තාත්තයි දෙන්නම ගෙදර. අපි ටිකක් එලියට යමුද??

දුරකට නෙමෙයි අපි යමු මිදුලට

 

මොනවද අපි අවට තියන ගස් වැල්.. මොනවද ඒ ගස් වල නම්

ගස් වලටයි බබාටයි විතරද නම් තියෙන්නේ

ඇයි ගල්??

ගල්වලටත් නම් තියනවා

 

හැම ගහක්ම එක වගේද... වෙනස් වෙනස් මතුපිටවල් වෙනස් වෙනස් පාටවල් තියන ගල් මොනවද ?

එහෙම වෙනස් දේවල් කොච්චරක් අපේ මිදුලෙ තියනවද ...

'මේ ඔක්කොම වෙනස් කම් එකතුකරලා බබාට කරන්න පුලුවන් මොනවද????"

 

බබාට ඕනේ පාට දෙන්නේ මොන ගහේ මොන කොලයද.... බබා අම්මව හදනවනම් ඇස් වලට ගන්න හොදම දේ මොකක්ද.....??

 

අපි ඉගෙනගමුද.... තීරණ ගන්න... හිතන්න

ගැටලු විසදන්න!!

ඇයි පරිසර පාඩම

ඒ වගේම අලුත් දෙයක් නිර්මාණය කරන්න

 

මේ පහලින් තියෙන්නේ අපේ දරුවෝ පරිසර ගවේශනයේදී කල නිර්මාණ

Article Written By Nuwangi Jayasundara
At Turttys Educational Services we offer Kindergarten and Preschool programs that give your family greater flexibility and convenience if and when it is needed. We are confident that our qualified teachers will provide tailored early learning programs that nurture your child's individual needs and interests.

#170, Wihara Mawatha, Mulgampola, Kandy