ඇයි අපි මෙය ආරම්භ කලේ

පෙර පාසල් පුහුණු ආයතනයක් ලෙස turtty අධ්‍යාපන සේවාව හඳුන්වාදිය හැකිය. අපගේ ප්‍රධාන අරමුණ වන්නේ පෙරපාසල් ඉගැන්වීමේ දී ඇති විද්‍යාත්මක ක්‍රමවේදය දැනට රටේ පවත්නා පෙරපාසල් ඉගැන්වීමේ ක්‍රමවේදයට හඳුන්වා දීමයි.පෙරපාසල් ගුරුවරයෙකු ලෙස ඉගැන්වීමේ දී එහි ඇති ළමා මනෝවිද්‍යාත්මක ක්‍රමවේදය ප්‍රධාන අංගයක් ලෙස වටහා ගෙන ඇති නිසා සැමවිටම ළමා මනෝවිද්‍යාවේ මුලධර්ම සමඟ එකඟ වී ඉගැන්වීම් කළ යුතුය.නිර්මාණශිලී දරුවෙකු තුළ ඇති නිදහස් ස්වයං ප්‍රකාශනය හා සමාජ සහභාගීත්වය වර්ධනය කිරීමට ඔවුන් තුළ ඇති පරිකල්පන ශක්තිය හා කුතුහලය තුළ ඇති පුදුමය වර්ධනය කළ යුතු වේ.

Turtty Logo

අප සෑමවිටම ෆ්‍රොබෙල්ගේ අධ්‍යාපන දර්ශනයේ ඇති මුලික සංකල්ප මත අපගේ ඉගැන්වීමේ මෙවලම් හා ද්‍රව්‍ය එමෙන්ම පෙරපාසල් ළමුන් සඳහා සෙල්ලම් භාණ්ඩ නිර්මාණය කිරීමේ දී ද මෙම සංකල්පය මත ගැඹුරින් සිතා බලනු ලබයි. මෙම දර්ශනය අන්තර්ජාතිකව පිළිගත් 4 - එච් Cloverbud වැඩසටහන හා සමාන වේ. එමඟින් ඉගෙනීමේ අත්දැකිම් මත ළමුන්ගේ හැකියාව වර්ධනය කිරීම ප්‍රවර්ධනය කරයි.මෙහි 4 - එච් යනුවෙන් අදහස් කරන්නේ හිස, හෘදය, අත හා සෞඛ්‍යයයි.අපගේ ගුරු පුහුණු ක්‍රමවේදයන්හී ඇති වැදගත්කම වන්නේ දරුවන්ගේ ශාරීරික හා වඩාත්ම වැදගත් මානසික සෞඛ්‍ය පිළිබඳව ඉතා සුපරීක්ෂාකාරී වීම සඳහා දෙමාපියන් සමඟ සමීප හා අඛණ්ඩ මෙන්ම අර්ථවත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට ගුරුවරුන් දිරිමත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමයි. මෙමඟින් අවධාරනය කෙරෙනුයේ 4 - එච් සංකල්පයට අනුව පුහුණු හා ඉගැන්වීම් ද්‍රව්‍ය සංවර්ධනය කිරිමට අනුගත වු ආකාරයයි.

අපේ කණ්ඩායම

Nuwangi

නුවන්ගි ජයසුන්දර

Thilina Dharmasena

තිලින ධර්මසේන

Keerthi

කීර්ති පින්නවල

janaki

ජයන්ති විජේකෝන්

Anuradha Ellepola

අනුරාධ ඇල්ලෙපොල

Dhanushka Hewawasam

ධනුෂ්ක හේවාවසම්

Nilath Perera

නිලත් පෙරේරා

Turttys Educational Services මගින් අපි ඔබේ පවුලට අවශ්‍ය බාලාංශ හා පෙර පාසල් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙමු. අපගේ සුදුසුකම් ලත් ගුරුවරුන් ඔබේ දරුවාගේ අවශ්‍යතා සහ අවශ්‍යතා පෝෂණය කරන පරිදි සකස් කළ මුල් ඉගෙනුම් වැඩසටහන් සපයනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.

#170, විහාර මාවත, මුල්ගම්පොළ, මහනුවර